Thursday, December 26, 2013

දිසාලා අවනඩුව


උපන්නත් ජාතකව රජෙකුට

පවට මව්ගේ කුලයෙ මද බව
වින්දා කවුරුත් නොවිඳි දුක් කඳ
අපිට අපි විතරමයි පෙර සිට...

රුවට පෙම් බැන්දාට පිය රජ

රාජ රුධිරෙට මදිලු අපෙ මව
භරත දේශේ කුලැති දෙව් දුව
නමට කැන්දන් ආව නුවරට...

හසුව කුල මල ගිරයෙ කොණකට

තුරුණු බව වියැකුණා අකලට
ආලෙ බැද අපෙ සරණ යෑමට
ඔය තරම් දෙස් දෙවොල් කාරිද?

5 comments:

  1. අපිට අපි විතරමයි පෙර සිට..."""""
    කවදත් වෙනස් නොවන ඉතිහාසය

    ReplyDelete
  2. ලියපු මමවත් නොහිතපු ලස්සන ඇත්තක්

    ReplyDelete
  3. යවන්නැති පන්හිඳ හිතු මානෙට ඒ මේ අත,,,
    ඒත්... අපූරැයි අවසන
    නුඹ ගෙතූ පැදි පෙළ

    ReplyDelete
    Replies
    1. හිතුමතය එතරම් නරක නෑ නේද

      Delete
    2. හිතුමතය ඒ විදිහටම තියනවනම් ඒකෙ අපුරුව පුදුම සහගතයි,,, එත් ඒකට එහෙම තියෙන්න දෙන්න අපි බය නිසාම අපිම ඒක වෙනස් කරන්න ගිහින් ඒ සිතුවිල්ලෙ අගය කුරුටු ගාගන්නව... හැමෝම... හැමවෙලේම.

      Delete