සියල්ලන්ම
අතරමං වූ ආත්ම යැයි මට බොහෝ විට සිතී ඇත. සමහරවිට අතරමං වී සිටින්නේ මා පමණක් විය
හැකිය. නැතහොත් මග සොයන්නේ මා පමණක්ද විය හැකිය. ඒ කෙසේ වෙතත් දකින, හමුවන බොහෝ
මුහුණුවල ඇත්තේ විඩාවය. නැත්නම් අසරණකමය. තෘප්තියක් හමුවන්නේ කලාතුරකිනි. ඒ හමුවුණද,
ඔහුගේ හෝ ඇයගේ තෘප්තිය මා පුදුම කරන්නේය. සැබැවින්ම තෘප්තිමත් යැයි පෙනෙනා මිනිසුන්ට
එසේ තෘප්තිමත් වීමට හේතු නැත. ඔවුන් යෙදෙන්නේ ජීවිත රංගනයකය. තෘප්තිමත් නොවන
මිනිසුන්ට අවශ්‍ය නම් තෘප්තිමත් විය හැකිය. එහෙත් ඔවුන් වල්මත් වී ඇත. කවුරුන්
හරිද කියා මා දන්නේ නැත. කවුරුන් හරිද කියා තබා, කවුරුන් හෝ හරි විය යුතුද කියාවත්
මා දන්නේ නැත.
No comments:
Post a Comment