Sunday, March 6, 2016
රැය
අහසෙ තරු පිරිලා. ඒ තරුවල ලස්සන වැඩියෙන් පෙන්වන්න ඔ්නේ නිසා අහසත් හොදටම කලුවර වෙලා. අෑතින් අැසෙන පිරිත් සද්දෙත් නැත්නම් අැහෙන්න තියෙන්නේ අර රෑට කෑ ගහන නොපෙනෙන සතුන්ගේ සද්දය විතරයි. ඒ් සද්දෙ නම් දැන් රැයත් ඒක්කම මුහු වෙලා. හරියට රාත්‍රිය කෑගහන සද්දෙ වගේ. දවස තිස්සේ ඒක ඒක සද්ද අැහිලා අැහිලා මේ නිශ්ශබ්දතාවය දරාගන්න බැරි තරම්. ඒ් වුණත් දවල්ට වඩා මොනතරම් මේ රෑ දොඩමලුද. හිතේ මොනතරම් දේවල රැයක් ගොඩ ගහනවද. දවස තිස්සේ මොන තරම් කදුළු හැලුවත්, මොනතරම් නිස්කාරනේ හිනාවුණත් රැයට පුළුවන් ඒකම ඒක මදහසක් විතරක් තොල් මතට අරන් ඒන්න. මුළු ලෝකයක් ඒක්ක අාදරෙන් හිත පුරවන්න. රාත්‍රියේ තියෙන හෘදයාංගම බව වැඩියෙන් දැනෙන්නේ පළාතක් වසාගෙන පවතින ගැඹුරු නිශ්ශබ්දතාවය නිසා වෙන්න අැති. ඒ් නිශ්ශබ්දතාවයේ සැනසුම දහසක් අාදරණීය වදන්වලින් ගන්න බැරි ඒක පුදුමයි තමයි....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment