Sunday, March 6, 2016

දුක තමයි සතුට

සර්ව සුබවාදී චරිත මා පුදුම කරවන්නට සමත්ය. සෑමවිටම ජීවිතය දෙස සිනාමුසුව බැලීමට උත්සහ කරනා ඔවුන් නිරන්තරෙයන් බොරැවක දැවටෙන්නේ එය සැබැවින්ම සැබෑවට ගෙනය. ජීවිතය ඇත්තේ විදවන්නට නොව විදින්නට යැයි ඔවුහු කියති. එහෙත් ජීවිතයෙහි විදින්නට ඇත්තේ මොනවාදැයි මම සොයමි. ජීවිතයෙහි සැබෑව දුකක් බව බුදුන් පවා කියා ඇත. හිනැහෙන්නට හිත හදා ගන්නා සෑම විටෙකම කොහේදෝ සිට කදුළක් කඩා පාත් වන්නේ මගේ ඒ් විශ්වාසය නිසාදැයි නොදනිමි. ඒය ඒසේ විය හැකිය. මගේ ජීවිතයට වඩාත් සමීප දුකය. ඒ්ත් ඒ පිළිබදව අංශු මාත්‍රයක් දුක් වන්නේ නැත.

1 comment:

  1. මගේ අදහස නම් ටිකක් වෙනස්. මම වටහ ගන්න විදියට නම් ජීවිතය දුකක් හෝ සතුටක් හෝ දෙවියන්ගේ කැමැත්ත ඉටු කිරීම සඳහා පවත්වාගෙන යා යුතු යමක් නොවෙයි.

    ජීවිතය මොකක්ද කියන ප්‍රශ්ණයට මගේ නම් උත්තරය සරලයි. ජීවිතය කියන්නෙ සොබාවික පැවැත්මක්. ගහක්, ගලක්, මලක්, සමනලයෙක් සහ කැත අපිරිසිදු පණුවෙක් වගේමයි. අපි උපදිනව, වර්ගයා බෝ කරනව, වයසට යනව, මැරෙනව, ආපහු මූලික සංඝටකවලට කැඩිල විශ්වයට එකතු වෙනව. ආපහු අර විදියටම මනුස්සයෙක්, ගහක් ගලක්, සතෙක්, මලක් වෙලා ඉපදෙනවා.

    මේක දුකක්වත් සකුටක්වත් නෙවෙයි. පැවැත්මක්.

    ReplyDelete