Monday, January 6, 2014

සුඛ විහරණෙට අභිනික්මණ



කවුලුවෙන් එපිට මීදුමෙන් වැසුණු
කඳු ශිඛර සිසාරා හමනවලු සුළඟ
නොපෙනෙන්න මට, නොදැනෙන්න මට... 

හැරදාපු දොර දිවයාවි දුර
දිස්නෙ දෙන බිම පෙනෙනවා මට
ආරාධනා කරන සුඛ විහරණෙට... 

විටින් විට එන විත් හැපී යන
සීතලක් නොදැනෙනා නොපෙනෙනා නළ
කෑගසන හඬ ඇසේ ඉඳහිට... 

සුවඳ හමනා වයින් බින්දුව 
රසැති සුසුමුදු කේක් තට්ටුව 
සැලෙන දොර තිර තුළින් පෙනෙනවා මට...

තනිය රජයන පාලු නිම්නයෙ
ශබ්ද නොනගන නිස්කලංකය 
කවුලු දොරගින් එබේ හෙමිහිට...

පාලු කපනා සිනා මදහස 
සාලෙ මැද්දෙන් ඇසුණ මොහොතක 
නැගිට ගොස් මා වසා දැමුවෙමි ඔහේ සැලෙනා ජනෙල් තිර පට...   



4 comments:

  1. "පාලු කපනා සිනා මදහස
    සාලෙ මැද්දෙන් ඇසුණ මොහොතක
    නැගිට ගොස් මා වසා දැමුවෙමි ඔහේ සැලෙනා ජනෙල් තිර පට... "
    කියන්න වචන නෑ

    ReplyDelete
    Replies
    1. සතුටුයි වැදගත්ම දේ තේරැම්ගත්තට. බොහොම ස්තූතියි.

      Delete
  2. I wish you will not close your windows and have a more open mind. I was so happy when i was able to give you the exact meaning what u meant, when you asked for my review

    ReplyDelete
    Replies
    1. Yes I wish that too. But to be true, it is the most hardest thing on earth. Thank u rosy for always giving a value to my words. :)

      Delete