වචන

ලිවිය යුතුය අපූර්වත්වය 

මට මතකයි කෙනෙක් කිව්වා මේ ලෝකේ මේ තරම් ලියන්න දේවල් තියෙද්දි ඇයි ආදරේ ගැන විතරක් ලියන්නේ කියලා. ඒ වෙලාවේ මාත් ඒ ප්‍රශ්නෙ මගෙන්ම ඇහුවා. හැබැයි මම ඉක්මණටම තේරුම් ගත්තා මම ආදරේ ගැන ලියන්නේ ආදරය තියෙන බව නොව නැති බව පෙන්නන්නයි කියන එක. ඒ කිව්වා වගේම මේ විශාල ලෝකේ ගැන ලියන්න පුලුවන් දේවල් ගොඩක් තියෙන එක ඇත්ත. ඒත් තමන් ගැනවත් තේරුම් ගත්තේ නැති මිනිස්සු ඒ දේවල් පස්සේ යනවා දකිනකොට ඇත්තෙන්ම කළකිරෙනවා. කියන්නට බොහෝ දේ තිබුණත්, ඒ හැමදේම ලියන්නට තරම් අපූර්ව නැහැ. ලියන්නට වටින්නේ සෙමින් සිත් පිරිමදිනා දෑ මිසක වැරෙන් කෑ ගසා කිව යුතු දේ නෙවෙයි. 




කවියෙකු නම් සාප ලද්දෙක්මය... 

දුකෙහි සැප සොය සොයා දුකට පෙම් බඳින්නට උපන්, ළතැවුලෙන් පිරි හදින් යුත්, කඳුළින් බර දෙනෙතින් යුත්, සිනහවෙහි අග දුකක් බව දත්, ප්‍රේමය දුකට මුල් බව කියත්, කියමින්ම අතිශය ප්‍රේම කරමින්, දුකෙන් තොර යමක් නැති බව හැඳිනගත්, දැන දැනම ඒ දුකට පෙම් කරන්, කවියා ගෙවෙන හැම දිනම මිය යත්...

No comments:

Post a Comment