Thursday, June 19, 2014

ජීවිත කතා

සෑම ජීවිතයක් තුළම කතාන්දර රැසක් සැඟව ඇති බව දනිමි. ඉදිරියට හමුවන මුහුණු තුළින්, දැස් තුළින් හෝ ඔවුන් මගේ සවණට මුමුණන වචන තුළින් මම ඒ කතන්දර කියවන්නට උත්සහ දරන්නෙමි. එහෙත් ඒ ජීවිත ගැන වෙනත් ජීවිතයක් කියනා කතන්දර මම වචනයකුදු පිළිනොගනිමි. ඒ, එක් ජීවිතයක් ගැන සත්‍යය දන්නේ ඒ ජීවිතයේ හිමිකාරීත්වය පමණක් බව මම හොඳින්ම දන්නා නිසාවෙනි. 

එසේම හැම ජීවිත කතාවකටම වඩා මගේ කතාව ලස්සන බව අදහමි. විටෙක එය යථාර්ථයෙන් දුරස් වුවත්, මගේ ජීවිතයේ සෑම කුඩා සිදුවීමකටම මම අගයක් දෙන්නෙමි. මගේ කතාව ගොඩනැගෙන්නේ පිරිසිදු හැඟීම්, අවංක කදුළු, නිර්ව්‍යාජ සිනාවන් හා ගැඹුරු අවබෝධයන් මතිනි. එය මෙසේ වූවානම් හොඳ යැයි සිතෙනා එක් තත්පරයක්වත් මට නැත. මම එතරම් මගේ සංකීර්ණ, සරල, අසම්පූර්ණ, පරිපූර්ණ කතාවට ආදරය කරන්නෙමි. එහි ලස්සන ඇත්තේ ඒ කතාව මගේ ආත්මය විසින් හඩ නගා කියද්දී පමණක් බව මම ඔබට පුළ පුළා කියන්නෙමි. ජීවිතයක් ගැන දුක්බර හෝ සතුටුදායක හෝ ලස්සන හෝ අවලස්සන හෝ අසාධරණ හෝ සාධාරණ හෝ කතාවක් අපූර්වත්වයෙන් යුතුව අසන්නට නම් ඒ ජීවිතයේ හිමිකාරීත්වයේ නිහඩ බවට සවන් දෙන්නට යැයි මම ඉල්ලන්නේ එහෙයිනි. ඔබට හිමි නැති ජීවිතයකට අත තබා එහි කතාව හා සෙල්ලම් කර වචන එහෙට මෙහෙට විසි කර ඒ ආත්මය විනාශ කරන්නට පෙර ඔබ ඔබේ ආත්මය ගැන සානුකම්පිතව හිතා බලනවා නම් වටිනා වග සිහි කරන්නේ අතිශය ආදරයෙනි. 

1 comment:

  1. දැහැන් ගතව සිටියෙමි
    මම බොහොම නිදහස්
    දුටුවෙමි අළුත් ලොවකට
    අළුත් අදහස්
    සියළු ඒ නැවුම් පැතුම්
    ක්ෂණයෙන් උබ උදුරන්
    මගේ කොටහත් දුන්න
    මම උබටම
    උබ මගේයැයි සිතාන
    මගේ ඒ උතූම් පැතුම්
    මා ගොඩ නැගුවේ
    හරිම අමාරැවෙන්
    ජීවිතයත් මර්ණයත්
    අතර මා පොර බදා
    පොත පතින් අහුලගෙන
    බත් ඇටෙන් අලවාන
    හදපු ඒ හදවත
    දුවන්නට හැදුවාම
    උබ අරන් එය
    බොහොම සීරැවට
    සෙමින් අත ගා
    සීරැවට තද කර
    එකිනෙකට අලවා
    තනි කුළු ගෙඩි පහරකින්
    බිද දැම්මෙ මොනවට
    මම උබට රිදෙව්වද
    නංගියේ කියාපන්??
    දරන්නට අමාරැයි
    රිදෙනවා ඇතුල
    සදන හැටි දනිමි
    කාලයයි ගැටළුව
    මුදලට ගත හැකිනම් ගනිමි
    ඒත් කාලයත් සතුටන්
    නොවිකිනේ මුදලට
    උබ මට ආලය නොකලාට
    දැන දැනම පළමු දිනේ සිට
    රැදුනෙ උබ මා ළගම
    සිනාසෙමින් වැළපෙමින්
    නැහැ නැහැ උබ වැරදි
    මාගේ මේ කැඩුනු හිත
    සොයන්න ඇති වෙද දුරෙක්
    අසරණ ඒ මගේ හිත
    පෙම් බදින්නැති වෙද දුරැට

    ReplyDelete