Sunday, March 6, 2016

රැය

අහසෙ තරු පිරිලා. ඒ තරුවල ලස්සන වැඩියෙන් පෙන්වන්න ඔ්නේ නිසා අහසත් හොදටම කලුවර වෙලා. අෑතින් අැසෙන පිරිත් සද්දෙත් නැත්නම් අැහෙන්න තියෙන්නේ අර රෑට කෑ ගහන නොපෙනෙන සතුන්ගේ සද්දය විතරයි. ඒ් සද්දෙ නම් දැන් රැයත් ඒක්කම මුහු වෙලා. හරියට රාත්‍රිය කෑගහන සද්දෙ වගේ. දවස තිස්සේ ඒක ඒක සද්ද අැහිලා අැහිලා මේ නිශ්ශබ්දතාවය දරාගන්න බැරි තරම්. ඒ් වුණත් දවල්ට වඩා මොනතරම් මේ රෑ දොඩමලුද. හිතේ මොනතරම් දේවල රැයක් ගොඩ ගහනවද. දවස තිස්සේ මොන තරම් කදුළු හැලුවත්, මොනතරම් නිස්කාරනේ හිනාවුණත් රැයට පුළුවන් ඒකම ඒක මදහසක් විතරක් තොල් මතට අරන් ඒන්න. මුළු ලෝකයක් ඒක්ක අාදරෙන් හිත පුරවන්න. රාත්‍රියේ තියෙන හෘදයාංගම බව වැඩියෙන් දැනෙන්නේ පළාතක් වසාගෙන පවතින ගැඹුරු නිශ්ශබ්දතාවය නිසා වෙන්න අැති. ඒ් නිශ්ශබ්දතාවයේ සැනසුම දහසක් අාදරණීය වදන්වලින් ගන්න බැරි ඒක පුදුමයි තමයි....

දුක තමයි සතුට

සර්ව සුබවාදී චරිත මා පුදුම කරවන්නට සමත්ය. සෑමවිටම ජීවිතය දෙස සිනාමුසුව බැලීමට උත්සහ කරනා ඔවුන් නිරන්තරෙයන් බොරැවක දැවටෙන්නේ එය සැබැවින්ම සැබෑවට ගෙනය. ජීවිතය ඇත්තේ විදවන්නට නොව විදින්නට යැයි ඔවුහු කියති. එහෙත් ජීවිතයෙහි විදින්නට ඇත්තේ මොනවාදැයි මම සොයමි. ජීවිතයෙහි සැබෑව දුකක් බව බුදුන් පවා කියා ඇත. හිනැහෙන්නට හිත හදා ගන්නා සෑම විටෙකම කොහේදෝ සිට කදුළක් කඩා පාත් වන්නේ මගේ ඒ් විශ්වාසය නිසාදැයි නොදනිමි. ඒය ඒසේ විය හැකිය. මගේ ජීවිතයට වඩාත් සමීප දුකය. ඒ්ත් ඒ පිළිබදව අංශු මාත්‍රයක් දුක් වන්නේ නැත.

කන්දක් සේ මා!

ජයනාථ එක ඇසිල්ලකින් දුන්නු දරු සම්පත භාර නොගෙන අත ඇරියෙ දරුවා සුජාත නොවිච්ච නිසා. සුජාත කියන්නේ කසාදෙ. ජයනාථ පියා නෙවෙයි. ඒත් බීජය ඔහුගෙයි. ජයනාථ පියා නොවෙන්නෙ කසාදය නැති නිසා. කසාදය නැති වුණාට නූපා මව තමයි. කසාදය තිබුණත් නූපා මව - නොතිබුණත් නූපා මව. සමාජගත නියමය...

මේ එක තැනක් විතරයි. මේ වගේ හිත කොනිත්තපු තැන් මහ ගොඩක් කන්දක් සේ මා නව කතාව කියවද්දි මුණ ගැහුණා. සමහර වෙලාවට කදුළු පිරැණා, සමහර වෙලාවට තනියම හිනා වුණා. ගැහැණු සිතක ඉපිද නැතිවෙන සිතුවිලි අපිළිවෙලට පෙළ ගස්වලා තිබුණු ඒ කතාව මට දැනුණේ මගේම කතාව වගේ. ඒ, නූපා තරමට දුකක් නොවින්දට, නූපාට තරම්ම මටත් ඉදිහිට ජීවිතේ එපා වෙන නිසා වෙන්න ඇති.    



සුදු මල්

සැදෑ කල ඒළඹෙද්දි
සුදු පාට මල් යාය
සන්තොසින් ඉපිළෙනව
පෙනෙනවා...
බුදු පුදට යන්න නොව
මියෙදෙන්න ළං වත්ම
උන්ගෙ ඒ සිනා කැන්
පිපෙනවා...
පිණි පොදත් තවරගෙන
බුදුන් වෙත ගියා යැයි
දුක නොනිවෙනා වගත්
දන්නවා...
ඒ් නිසා හිත හදන්
මියැදිලා වැටන්නට
සුදු මලුත් බලාගෙන
ඉන්නවා....